Buddha Intelligence | 18. පළවැනි මට්ටමේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩයට කළ විනාශය හා ‘විශ්වවිද්‍යාලවල බෞද්ධ දර්ශනය හදාරන PhD උපාධි ලබන්නෝ හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වීම’
15632
post-template-default,single,single-post,postid-15632,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

18. පළවැනි මට්ටමේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩයට කළ විනාශය හා ‘විශ්වවිද්‍යාලවල බෞද්ධ දර්ශනය හදාරන PhD උපාධි ලබන්නෝ හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වීම’

18. පළවැනි මට්ටමේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩයට කළ විනාශය හා ‘විශ්වවිද්‍යාලවල බෞද්ධ දර්ශනය හදාරන PhD උපාධි ලබන්නෝ හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වීම’

බුද්ධ දර්ශනය 17 –

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දහසකට පමණ පසු ලංකාවෙහි බුදු පණිවුඩයෙහි විකෘතියක් ඇති විය. ඒ ජෛන ආගමික බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණීම නිසාය. ඔහු ඉන්දියාවේ රේවත නම් හිමි කෙනෙකුගෙන් බුද්ධාගම ඉගෙන ගෙන ලංකාවට ආ බව ඉතිහාසයේ සඳහන් වේ.

 මොහු පැමිණියේ අනුරාධපුර මහාවිහාර පාර්ශ්වයටය. එකල මහාවිහාර සහ අභයගිරි පාර්ශ්ව වශයෙන් භිකෂූන් දෙකොටසකට වෙන්වී සිටි කාලයකි. එය දැන් පවතින නිකාය භේදය වැනිය. මේ වනවිට රජවරුන්ගේ ආශිර්වාදය ලැබී තිබුණේ  අභයගිරි පාර්ශ්වයටය. එකල මහාවිහාරය දුර්වල වී සිටි නිසා මොහුගේ පැමිණීම ඔවුහු රුකුලක් කරගත්හ. විමුක්ති මාර්ගය නම් අභයගිරි පාර්ශ්වයෙන් පළ කරන ලද නිවන් මග පොත විනාශකොට විශුද්ධි මාර්ගය නම් පොතක් බුද්ධඝෝෂ හිමි විසින් ලියන ලදී.

විශුද්ධි මාර්ගයද විමුක්ති මාර්ගය මෙන්ම බුදු උපදේශයට අමතරව තවත් එය විස්තර කිරීමට දිරිගත් අටුවාවකි. බුදුන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ කොපමණ පැහැදිලිව මා දේශනා කළ ධර්මය අටුවා ලිවීමටත් විවේචනය කිරීමටත් නොවේ. එය දැකගනීමටය.” කියා ප්‍රකාශ කර තිබුණත් එය ප්‍රතික්ෂේප කොට බුද්ධඝෝෂ හිමි අටුවා ලිවීමට ඉදිරිපත් වීම බුදු උපදේශයට විරුද්ධ වීමකි.

මේ වැරදි පියවර නිසා නිවන මග හැරුනා පමණක් නොව, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අටුවා ලිවීමක් නිසා ඉන්පසු සිටි භික්ෂූහුද අද වනතෙක් එවැනි අටුවා ලිවීම්වලට පෙළඹ වී ඇත.

ඉන්පසු මේ වැරදි ක්‍රමය අනුකරණය කරගත් භික්ෂූන් අටුවාවලටත් අටුවා ලියා ඇත. ඒවාට “ටීකා” යයි කියනු ලැබේ. ඔවුන් එයින් නොනැවතී “ටීකා” වලටත් අටුවා ලිවීමට පුරුදුව ඇත. ඒවාට “තිප්පණි” යයි කියනු ලැබේ. එයිනුත් නොනැවතී අද සරසවිවල “තිප්පණි” වලටත් අටුවා ලියනු ලැබේ. ඒවාට PhD යයි කියනු ලැබේ. මේ අනුව අද PhD ධාරීන් හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වේ.

මෙසේ බුද්ධඝෝෂ පරම්පරාවෙන් ලැබුණු දායාදය වන අටුවා ලිවීම මෙකල අවසන් වන්නේ PhDධාරී ආචාර්ය පදවියකින්ය. එවැනි “පොත්ගුල්ලන්” වන බෞද්ධ දර්ශනය පිළිබඳ කිසිම ආචාර්යවරයකු හෝ මහාචාර්යවරයකු නිවන් දැක නැත. ඔවුන් බුදු උපදේශය ප්‍රතික්ෂේප කොට බුදුන් වහන්සේ අතහැරිය යුතු යයි පැවසූ මනසේ චින්තන ආශ්‍රයෙන්, බුදුදහම විශ්ලේෂණය සහ විචාරණය කරන්නන්ය. බුධාඝෝෂ හිමි මෙන්ම ඔවුහු ද කිසිදා නිවන් නොදකින්නෝය. මනසින් මවන සියලුම දේ මායාවන් “මනෝමයා” බව දැන දැනත් ඔවුහු ඒ මායාව තුළම කැරකෙමින් සිටින්නෝය. ඔවුන්ගේ ආයතනවල    BA, MA ලබන්නෝද එම හේතුව නිසා නොමඟ ගොස් කිසිදා නිවන් නොදකිති.

බුද්ධඝෝෂ හිමි විසින් ලියන ලද විශුද්ධි මාර්ගය නමැති අටුවාවෙහි අවසානයේදී අවංක ලෙස ඔහු මෙසේ ප්‍රකාශ කරයි.

“මට මේ බුදු පණිවුඩය තේරුණේ නැත. මේ පොත ලිවීමේ අනිසංශයෙන් ඉදිරි ජීවිතයක මම තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපිද, එහිදී අනාගත මෛත්‍රී බුදුන් හමු වී, ආපසු ඔහු සමඟ පෘථිවි තලයට පැමිණ නිවන් දැකීමට බලාපොරොත්තු වේ.” බුදුන් නොවදාළ මෛත්‍රී බුදුන් සංකල්පයද පටන් ගත්තේ මේ වකවානුවේදීය.

බුද්ධඝෝෂ හිමිටවත් නොතේරුණු කෙනෙකු විසින් කියන ලද අටුවාව දැන් කල භික්ෂූන්ට බුදු පණිවුඩයත් වඩා උසස් දෙයක් වී ඇත. හාමුදුරුවරු බුද්ධඝෝෂ හිමි ගැන කරන වර්ණනා අනන්ත අප්‍රමාණ වේ. ඒ ඇයි? නිවන් දැකීම කෙසේ වෙතත් අසත්‍ය සත්‍යයක් සේ පෙන්වා හාමුදුරුවරුන්ට ජීවන ක්‍රමයක් සකසා දුන් බුද්ධඝෝෂ හිමි නිසාය.

ඒ නිසා දැන් හාමුදුරුවරු පිළිපදින්නේ බුද්ධඝෝෂ ආගමය. එය බුද්ධාගම නමින් හැඳින්වේ. එයින් කිසිදා නිවන් දැකීමක් සිදු වී නැත. නිවන් දකින බුද්ධ දර්ශනය එය නොවේ.

මෙවැන්නක් සිදුවන බව බුදුන් වහන්සේ අනාවැකි පළකොට තිබුණි. සංයුක්ත නිකායේ සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ;

“පිරිසිදු බුදු පණිවුඩය ඉදිරියේදී විනාශ කරන්නේ සසුන තුළින්ම මතුවන හිස් මිනිසුන්” බව දේශනා කරන්නට යෙදුණේ මෙවැනි දෙයක් අනාගතයේදී සිදුවේයැයි බුදු ඇසින් දැක ගත නිසා විය හැක.

බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි දැන් සොයා බලමු.

පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය යන අටුවාව පටන් ගත්තේ ” සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ”- ” සීලයෙන් ප්‍රඥාව ලැබේ” යනුවෙනි.

කරණීය මෙත්ත සූත්‍රයේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ”- “ සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ” කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා”- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ” යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.

සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ. කෙසේ වෙතත් අද මහජනතාව සිල් ගැනීමෙන් නිවන තව තවත් ඈත් වන බව දැනගෙන ඇති සේ පසුගිය වෙසක් දින සිල්ගැනීමට පන්සල්වලට ආ අය අඩුවීමෙන් සනාථ වේ.

චීචාරධාරීන් බුද්ධඝෝෂ හිමි කොතරම් වර්ණනා කළත් ඔහු පිරිසිදු බුදුදහමට ගසන ලද මේ “සිල් ඇණය” බහු ජනතාව විසින් තේරුම් ගෙන ඇති බව දැන් පෙනී යයි. ඉදිරියට මේ නිවන් නොදකින “සිල් ඇණය” ජනතාව විසින්ම උදුරා දමනු ඇත.

– ගාමිණී අභය –

පසු සම්බන්ධයි.

පෙර ලිපි:

බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.

බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?

බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?

බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.

බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?

බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස

බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස

බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? – 4 වන කොටස

බුද්ධ දර්ශනය 10- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? – 5 වන කොටස

බුද්ධ දර්ශනය 11 –  විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?

බුද්ධ දර්ශනය 12 –  පිරිත් සජ්ඣායනා කිරීම, ගාථා කට පාඩම් කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 13 – බුදු පණිවිඩයේ පුනරුප්පත්තියක් නැත. එහි විස්තරවන්නේ “පුනර්” භවය (අලුත් වීම) කි. එයද නැවත ඉපදීමක් නොවේ.

බුද්ධ දර්ශනය 14 – මනසිකාර, යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර බුද්ධ වචනය නොවේ!

බුද්ධ දර්ශනය 15- වන්දනා, පූජා, ඇදහිලි, බාර, ආශිර්වාද, පාංශකූල බුද්ධ වචනය නොවේ

බුද්ධ දර්ශනය 16 – වෙසක් දින චීවරධාරීන්ගේ බිස්නස් දවස් වී ඇත