Buddha Intelligence | 19. බුද්ධඝෝෂ හිමි බුදු පණිවිඩයට ගසන ලද නිවන් නොදකින “සිල්” ඇණය
15647
post-template-default,single,single-post,postid-15647,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

19. බුද්ධඝෝෂ හිමි බුදු පණිවිඩයට ගසන ලද නිවන් නොදකින “සිල්” ඇණය

19. බුද්ධඝෝෂ හිමි බුදු පණිවිඩයට ගසන ලද නිවන් නොදකින “සිල්” ඇණය

බුද්ධ දර්ශනය 18

විමුක්ති මාර්ගය පොත විනාශ කළ බුද්ධඝෝෂ හිමි අලුතෙන් විශුද්ධි මාර්ගය නමැති පොත ලියන ලදී.

“නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා”

“තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ”

යනුවෙන් තිබූ විමුක්ති මාර්ගය විනාශ වුණි. ඒ වෙනුවට සීල, සමාධි ඉදිරියට පත් කළ විශුද්ධි මාර්ගය පහළ වුණි. මෙසේ බුද්ධඝෝෂ හිමි ගසන ලද “සිල්” ඇණයෙන් පිරිසිදු බුදු පණිවුඩය කණපිට පෙරළුනි.

තථාගත කෙනෙකු සීලවෘත කියා දෙන්නේ නැතිනම්, මේ හාමුදුරුවරු කෝටියක් සංවර සීලය ආරක්ෂා කරනවා යයි චීවර දාගන්නේ ඇයි?. එමෙන්ම රට වටා සීල ව්‍යාපාර කරන්නේ ඇයි?. බුදු වදන් නොවන පන්සිල්, අටසිල්, දසසිල් දෙන්නේ ඇයි?. හැම ගෙයකින්ම එක්කෙනෙක්වත් සිල් ගන්න එවන්න කියන්නේ ඇයි?.

පන්සිල්, අටසිල්, දසසිල් සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගන්නා අවදියේද සමාජයේ තිබුණ දේවල්ය. සිදුහත් කුමරු මව් කුස පිලිසිඳ ගන්නා විට මහාමායා දේවිය අටසිල් සමාදන්වී සිටි බව සඳහන්වේ. එය බුදුන් වහන්සේ අලුතින් සොයා ගත් දෙයක් නොවේ. “පෙර නොඇසූ  දහමක් නොවේ”…….. ” පුබ්බෙ අනනුස්සුතෙසු දම්මෙසු” – ධම්මචක්ක පවත්වන සූත්‍රය.

දාන, සීල හා හාවනා වලින් නිවන් දැකිය නොහැකි බව බුදුන් වහන්සේ දම්සක් පවතුම් සූත්‍රයේ දොළොස් වරක් දේශනා කර ඇත.

ඇත්ත වශයෙන් සිල් ගැනීමෙන් ” මම” තරවන නිසා නිවන ඈත් වේ. සිල් ගන්නේත්, පිලිපදින්නේත් මනසෙන්ය. බුදු පණිවුඩය මනස පෝෂණය කිරීම නොව මනසෙන් නික්මී – “නෙක්ඛම්ම” ප්‍රඥා ඇස මතු කරගැනීමය.

තමන්ටත් බුදු පණිවුඩය හරියට නොතේරුණ බව පැවසූ බුද්ධඝෝෂ හිමි චීචාරධාරීන් අනුකරණය කරන්නේ ඔවුන්ගේ ජීවන් ක්‍රමය ආරක්ෂා කිරීමට මිස නිවන් දැකීමට නොවේ. බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණි පසු ලියන ලද පොත් පෙළ නිසා හාමුදුරුවරු බුදුන්වහන්සේ කතා කළ මාගධී භාෂාවද අමතකකොට අලුතින් පාලි , “පෙළ” නම් භාෂාවක් ලං කරගත්හ.

බුද්ධඝෝෂ හිමි අටුවා පොත් පෙළක් ලියූ බව පැවසීය. ඔහු පැමිණ අවුරුදු 800ක් පමණ යන තෙක් පාලි නමින් භාෂාවක් තිබුණේ නැත. ක්‍රි.ව. 1300 පමණ කාලයේදී ලියන ලද මහාවංශයේ දෙවන කොටස ලියූ තැනැත්තා බුදුන් වහන්සේගේ භාෂාවද අමතක කොට බුද්ධඝෝෂ හිමිගේ පොත් “පෙළේ භාෂාව” යනුවෙන් හඳුන්වන ලදී. ඉන්පසු එය “පෙළ භාෂා” වී, පාලි යන නම භාවිතා විය. පාලි යනු පෙර කතා කරන ලද භාෂාවක් නොවේ. එවැන්නක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ තිබූ බව පොත්වලට පසුව ඇතුළුකොට මහජනතාවට පෙන්වීමට තැත්කරන්නෝ බුද්ධඝෝෂ පරපුරයි.

බුදුන් වහන්සේ කතා කරන ලද මාගධී භාෂාව හෙළ සිංහල භාෂාව මැයි ඉතිහාසඥයෝ පවසති. දැන් එය පහසු විදිහට ශබ්ද කරන ලෙස වෙනස් වී සිංහල නමින් ප්‍රසිද්ධ වී ඇත. එහි සියයට 50කටත් වැඩිය පාවිච්චි වනුයේ මාගධී වචනමය. මාගධී යනු කතා කරන (Spoken) භාෂාවකි.

බුද්ධඝෝෂ හිමි ලංකාවට එනවිට මිහිදු හාමුදුරුවන් බුදු පණිවිඩය විස්තර කළ “අට්ට කතා” නොහොත් “ඇත්ත කතා” යන පොත් පෙළක් හෙළ සිංහල භාෂාවෙන් ලියා තිබිණ. මේ පොත් විනාශ කොට එය බුද්ධඝෝෂ භාෂාවෙන් (පසුව පාලි නම් වූ) නැවත ලිවීමට හේතුව කුමක්ද?. ඒවා පරිවර්තනය කිරීමේදී බුද්ධඝෝෂයන් “ඇණ” ඇතුළු කළාද යන්න දැන් සොයාගත නොහැක. බුදුන්වහන්සේ කතා කරන ලද භාෂාවෙන්, පසුව හෙළ සිංහලයෙන් ලියා තිබූ එම පොත් අතුරුදන් වූ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. එනමුදු බුරුම ඉතිහාසයේ එම පොත් බුද්ධඝෝෂ හිමි ලංකාවේදී පිච්චූ බව සඳහන් වේ. බුද්ධඝෝෂ හිමි ලංකාවෙහි බුදුදහම ලිවීමේදී වෙනස් කළ වැඩකොටස නිමකළ පසු, තවත් පිටපතක් බුරුමයෙහි ඇති බව ඔහුට දැනගන්නට ලැබුණි. ඒ නිසා ලංකාවෙන් පිටත්ව බුරුමයට ගියේ එම පිටපතද වෙනස් කරන අදහසින් විය හැක. ඔහු අපවත් වූයේ බුරුමයේදීය.

බුදුන් වහන්සේ කල මාගධී, කතා කරන භාෂාවක් පමණය. එය ලිවීමට එකල අකුරු වර්ධනය වී තිබුණේ නැත. උදාහරණයට ලංකාවේ ත්‍රිපිටකය පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට පසු වර්ධනය වී තිබූ හෙළකුරු වලින් ලිවූ මෙන්ම තායිලන්තයේ ත්‍රිපිටකය ලියා ඇත්තේ ඔවුන්ගේ අකුරුවලින්‍ ය. ලංකාවේ හාමුදුරුවරුද එකල බුද්ධගෝෂ හිමි ගැසූ “ඇණ” ගිල ගත්තාහ. එකල අනුරාධපුර මහාවිහාරයේ බුදු පණිවුඩය ගැඹුරට දැනගත් අය නොසිටින්නට ඇත. කෙසේ වෙතත් මාර්ගඵල ලාභීන් සිටියේ බුද්ධඝෝෂ හිමි අවුරුදු 500කට පැමිණීමට පමණ පෙරය. අදත් එවැනි “ඇණ” ගිල ගත් නිවන් නොදකින ලද  චීවරධාරීන්, නිවන නොදකින ලද බුද්ධඝෝෂ හිමි වර්ණනා කරති. මහජනතාව සත්‍යය දැකගැනීමට නම්, මේ ජීවිතයේ නිවන් දැක ගැනීමට නම්, ඔවුන්ගෙන් පරිස්සම් විය යුතුය. එවැනි අදහස්වලින් ඈත් විය යුතුය.

සංයුක්ත නිකායේ ආණි (ඇණ) සූත්‍රයේ මෙසේ කලින් කලට පිරිසුදු බුදු පණිවිඩයට සසුනේ සිටන්නවුන්ම ඇණ ගසන (ඔවුන්ගේ අදහස් ඇතුළ් කරන) බවද වදාරා ඇත.

ගාමිණී අභය

පසු සම්බන්ධයි