Buddha Intelligence | 22. කඨින පූජාව අමූලික බොරුවකි. බුද්ධ දේශනය නොවේ, එය මෑත කාලයේ (නුවර යුගයේ) හාමුදුරුවරු මිනිසුන් මුළා කිරීමට සාදාගත් උත්සවයකි
15708
post-template-default,single,single-post,postid-15708,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

22. කඨින පූජාව අමූලික බොරුවකි. බුද්ධ දේශනය නොවේ, එය මෑත කාලයේ (නුවර යුගයේ) හාමුදුරුවරු මිනිසුන් මුළා කිරීමට සාදාගත් උත්සවයකි

22. කඨින පූජාව අමූලික බොරුවකි. බුද්ධ දේශනය නොවේ, එය මෑත කාලයේ (නුවර යුගයේ) හාමුදුරුවරු මිනිසුන් මුළා කිරීමට සාදාගත් උත්සවයකි

බුද්ධ දර්ශනය 21.      ක්‍රි.ව. 1700 පමණ කාලයේ (බුද්ධ පරිනිවර්වාණයෙන් අවුරුදු 2250 කට පසු) ලංකාවේ හාමුදුරුවරුන්ගේ විනය, ගිහියන්ටත් වඩා පිරිහීමකට පත්විය. ඔවුන්ට දානය ද නෙලැබිණි. එවිට ඔවුන් එකතු වී මහජනයා මුළා කිරීමට උපක්‍රමයක් යොදා ගත්හ. ඒ කඨින චීවරය පූජා කිරීමයි. ඊට පෙර එවැනි උත්සවයක් ඉතිහාසයේ සඳහන් නොවේ. කඨින චීවරය පූජා කිරීම මහත් ආනිශංස ලැබෙන දෙයක් බව ඔවුන් කූට ලෙස ප්‍රකාශ කළහ. එය නිවන් දැකීමට පමණක් දෙවැනි බව ප්‍රකාශ කොට ජනතාව මුළා කළහ. අවුරුද්දකට එක් දිනක් පමණක් පැවැත්වුණු බුද්ධ දේශනය නොවන කඨින පූජාව දැන් මාසයක් මුදල් එකතු කිරීම සඳහා හාමුදුරුවරු යොදාගෙන ඇත. මුදල් පරිහරණය කරන්නේ නැත කියා පැවිදි වනවිට බුදුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වූ ඔවුන්ට කෙසේ මාර්ග බල ලැබේද ? කඨින පූජාවෙන් පසුගිය අවුරුදු 300 තුළ කවුරුත් නිවන් දැක නැත.
පූජ්‍ය යනු බමුණු භාෂිතයයි. බුද්ධ භාෂිතය නොවේ. බුදුදහමේ එනම් ප්‍රඥා ඇසට පෙනෙන බුද්ධ, ධම්මවල පූජා නැත. පූජා පවත්වනුයේ බමුණු ආගම්වලය. බුද්ධාගමත්, ජෛනාගමික බුද්ධඝෝෂගෙන් පෝෂිත වූ එවැනි ආගමකි. එය නිවන් දකින පිරිසිදු බුදුදහම – බුදු පණිවුඩය නොවේ. අවුරුදු 2100 ක් ම මාර්ග ඵලලාභීන්, එනම් ප්‍රතිඵල නැති මෙවැනි මිථ්‍යා නිවන් දැකීමට අතහැරිය යුතුය. බුදු පණිවුඩය මොනවා උනත් මිථ්‍යාව වැළඳගෙන ජීවන ක්‍රමයක් සකසාගෙන සිටින හාමුදුරුවරු නිවන් දැක නැති හෙයින් කඨින පූජාව වැනි පූජාවන්වලින් නිවන් නොදකින බව ඔවුන් විසින්ම සනාථ කොට ඇත.

අවුරුදු 300 ක් පමණ පැවත ආ බමුණු කඨින පූජාවෙන් කවුරුත් මහත් ආනිසංශ (නිවන) ලබා නැත. කෙසේ වෙතත් බුද්ධ දේශනය සියලු දේ අනිත්‍යය යනුයි. එය ආනිසංශවලට සම්පූර්ණයෙන්ම විරුද්ධය. ආනිසංශ ලැබීමට එනම්, ඉදිරියට ඵලදීමක් සිදුවීමට යම් ක්‍රියාවක් තැන්පත් විය යුතුය. බුද්ධ දේශනය එසේ කිසි දෙයක් නිත්‍ය නොවන බවයි. දෙව්දහ සූත්‍රයේ කර්ම ඵලවාදය ප්‍රතික්ෂේප කොට එවැන්නක් කියනුයේ නිගණ්ඨයින් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. බුදු පණිවුඩය හේතුඵල ක්‍රියාවක් බව එම සූත්‍රයේ පෙන්වා දේ.

නිගණ්ඨනාථ පුත්ත අනුමත කළ පූජා ක්‍රමය දැනුත් පවත්වාගෙන යනුයේ පූජ්‍ය යැයි නම්වලට ඉදිරියෙන් දමාගෙන ජෛන නිගණ්ඨයින් නොවේද ? ඒ වළගම්බා රජු මරා දැමූ ගිරි නිගණ්ඨයාගේ පරපුර බව කිවයුතු නොවේ.

නිවන් දකින ක්‍රම නොදන්නා මේ ජෛනයන්ගෙන් ජනතාව මිදෙන්නේ කවදාද ? මේ බ්‍රහ්මජාල – බමුණු දැල – සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වා දෙන කූට බමුණන් මිනිසුන් දැලකට හසුකර ගන්නා එක් උපක්‍රමයක් කඨින පූජාව වේ. මෙය නොදන්නා පන්සල්වලින් මොළ සෝදන ලද අඥානවන්ත, බෞද්ධයින් යැයි කියාගන්නා අය තවමත් පූජා ක්‍රමවලට පෙළඹී සිටී. අඥානවන්තයින් වන ඔවුන්ට ඥාන පහළ වන්නේ කවදාද ?

අහෝ ඛේදයකි ! ඔවුන් අතර මනසින් උගත් යැයි කියන වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු වැනි අය ද වේ. ඔවුන් බුද්ධ දේශනයට පිටු පා, නිවන මුදල්වලට ලබා ගැනීමට තැත් කරන හිස් මිනිසුන් වේ. පූජාවලින් කිසි කෙනෙකු නිවන් දැක නැති බව ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.

නිවන් දකින්නේ මේ දැන් (සන්දිට්ඨිකෝ) යනු, බුද්ධ දේශනය නම් එයට පිටුපා ඉදිරි අවස්ථාවක නිවන් දැකීමට බුදුන් වහන්සේ අනුමත නොකරන ලද කඨින පූජා වැනි දේ කිරීම බුදුන් වහන්සේට කරන අපහාසයකි. කඨින පූජාවලින් ලාබ ලබන රටට අවැඩක්ම සිදු කරන කූට වෙළෙන්දෝද වෙති. පන්සලට ලැබුණු සාංඝික වූ අටපිරිකර නැවත කඩයට විකුණා එය අලෙවි කිරීම ඔවුන්ටත් කවදාකවත් නිවන් දැකිය නොහැකි ක්‍රියාවකි. සාංඝික කරන ලද දෙයක් නැවත විකිණීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මෙවැන්නන් සමග රටක් දියුණු වන්නේ කෙසේද ? චීවරධාරීන් ද මේ අටපිරිකර චක්‍රය පවත්වාගෙන යති. විහිළුවට කරුණ නම් අටපිරිකර කඩයට විකුණන සමහර හාමුදුරුවරුන්ට අධිකරණ සංඝනායක පදවි ද ඇත. අහෝ ඛේදයකි !

සිවුරක් දාගෙන ගිහිගෙයින් පිට වන්නේ නිවන් දැකීම සඳහා බව මහණ වනවිට බුදුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු දෙයි. පූජා පවත්වා මිනිසුන් මුළා කරන බවට ඔවුන් බුදුන් ඉදිරියේ පොරොන්දු වී නැත. මෙකළ හාමුදුරුවරු සිවුරු දාගෙන ගිහිගෙයින් නික්මුනත් අපි කුඩා කාලයේදී නො සිදුවූ, නො සිතූ දෙයක් දැන් සමාජයේ සිදු වේ. ඔවුහු දැන් සිවුර ගෙදරට එවති. එපමණක් ද නොව සිවුර ගෙදර තබා ගැනීමට මුදල් ද අය කරති. දිනකට රුපියල් ලක්ෂය බැගින් හාමුදුරුවන්ට ගෙවිය යුතු බව කොළඹ අවට සිවුරු ගෙදරකට යැවූ ආරංචි මාර්ග දන්වයි. සිවුර තබාගත හැක්කේ දින තුනක් පමණි. රුපියල් ලක්ෂ 03 ක් දින තුනකින් කිසිදු ව්‍යායාමයකින් තොරව මුදල් ගසාකන මෙවැනි චීවරධාරීන් නම්කොට ඔවුන් සමාජයෙන් ඈත් කළ යුතුය. දින තුනකට පසු සිවුර තවත් ගෙදරකට යවනු ලැබේ. මෙසේ මාසයක්ම සිවුර ගෙන් ගෙට යයි. පුදුමය නම් මෙවැනි ජාවාරම්වලට හසුවන මෝඩයන් මහජනතාව අතර තවමත් සිටීමයි. ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කළ යුතුය.

කොළඹින් උතුර, කොළඹට ආසන්න නගරබද ප්‍රදේශයක හාමුදුරුවරු මෙවර කඨින පූජාවට චීවර දහසක් පූජා කළයුතු බව දායකයන්ට දන්වා ඇත. විනය පිටකයට අනුව හාමුදුරුවරුන්ට තියාගත හැක්කේ සිවුරු තුනක් පමණි. සිවුරු දහසක් පන්සලක සිටින හාමුදුරුවරු කිහිප දෙනෙකුට (ඒවා විකුණා මුදල් ලබාගැනීම හැර) සිවුරු දහසක අවශ්‍යතාවය කුමක්ද ?

ලංකාවේ පමණක් නොව මෙරටින් පිටවුණු මෙවැනි අඥානවන්ත ලාංකිකයන් පිටරට ද මෙවැනි ජාවාරම්වලට හසු වී ඇති බව ආරංචි මාර්ග පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ෆෝර්ට්වර්ත් (Texas-Fortworth), ඉන්දියානා (Indiana), ඔරිගන් (Origon) යන නගරවල ද කඨින සිවුරු පූජා කළ සැනින්ම නැවත ඩොලර් 50 – 75 අතර ප්‍රමාණයකට එවෙලේම විකුණති. එම සිවුර නැවත නැවතත් පැය ගණනක් ඇතුළත ලාංකික මෝඩයින් නිවන මුදලට ලබා ගැනීම සඳහා මෙසේ මුදලට ගනී.

කඨින පූජාව වැනි ගසාකෑම් ඇති ලංකාව වැනි රටක දියුණුව කෙසේ සිදුවේද ? බුදුන් වහන්සේගේ නාමයෙන් කරන, උන්වහන්සේ අනුමත නොකළ, කඨින පූජාවෙන් නිවන ඈත් වන නිසා එවැනි අඥානවන්ත දේවල්වලට මහජනය සහභාගි නොවිය යුතුය. එපමණක් ද නොව මහජනතාව මෙවැනි දේවල් කරන ගිහියන් ද පිළිකුලට භාජනය කළ යුතුය. බුදු පණිවුඩය චීවරධාරීන්ගේ මුදල් ඉපයුමට භාජනය කිරීම සමාව නොදිය හැකි දූෂිත ක්‍රියාවකි.

නිවන් දැකීමේ මග අවුරුදු 2100 කට පසු විවෘත වී ඇති නිසා කඨින පූජාව වැනි ක්‍රියා මෝඩකම් බව තහවුරු වී ඇත. ප්‍රඥා ඇස මතු වී බුද්ධ, ධම්ම දැකීම සිවුරක් ගෙදරට ගෙනැවිත් මුදල් හාමුදුරුවන්ට දීමෙන් කෙසේ කළ හැකිද ? මෙවැනි ක්‍රියා ප්‍රසිද්ධියේ විහිළුවට, සමච්චලයට හා පිළිකුලට භාජනය විය යුතුය.

– වෛද්‍ය ගාමිනී අභය | www.buddhaintelligence.org

බුද්ධ දර්ශනය 20 – ”බුදු සසුන විනාශ කරන හිස් මිනිසුන් මතු වන්නේ සසුන තුළින්ම ය” – සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය