Buddha Intelligence | 25. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමන් වන්නේ කෙසේද.. ? -……… දෙවැනි කොටස
15727
post-template-default,single,single-post,postid-15727,single-format-standard,ajax_fade,page_not_loaded,,side_area_uncovered_from_content,qode-theme-ver-10.1.2,wpb-js-composer js-comp-ver-5.1,vc_responsive

25. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමන් වන්නේ කෙසේද.. ? -……… දෙවැනි කොටස

25. බුද්ධිමතුන් යනු කවුරුන්ද? බුද්ධිමන් වන්නේ කෙසේද.. ? -……… දෙවැනි කොටස

……. අන්‍යන්ට කෙතරම් අසාධාරණ වුවද තමාට සාධාරණ තීරණ පමණක් ගැනීම තුළ මමත්වය මුල්වී පාලකයන් විසින් ගනු ලබන බුද්ධි හීන තීරණ හේතුවෙන් රටවැසියා පීඩාවට පත්වීම, සමෘද්ධිමත් රටක් වෙනුවට අරාජික රටක් බිහි වේ.

නිදහස්ව සාමකාමීව ප්‍රීතියෙන් නිර්භයව ජීවත් වීමට ඇති අයිතිය නැතිවී බුද්ධිහීන ප්‍රචණ්ඩ සමාජයක් බිහි වීම මේ මමත්වය නිසා ඇතිවන භයානක ප්‍රතිඵලයන්ගේ කිහිපයකි.

ඇතිවන සෑම සිතිවිල්ලකම ‘මම‘ යන මිත්‍යා අදහස ගැබ්වී ඇත්නම් කළ යුත්තේ මායාකාරී සිතිවිලි නවත්වා චේතෝවිමුක්තියට පත්වීමයි. චින්තනයෙන් මිදීම ස්ථිරව පිහිටියේ යැයි ධම්මචක්ක පවත්තන සුත්‍රයේ මෙසේ සඳහන් වේ. ‘‘අකුප්පා මේ චේතෝ විමුක්ති‘‘. හොඳ – නරක, පින් – පව්, කුසල් – අකුසල් යනාදි මෙකි නොකී සියලු සිතුවිලි නැවැත්විය යුතුයි. පුණ්‍ය පාප පහීනස්ස යනු බුදු වදනයි. එයට හේතුව පින් වුවද පවු වුවද මේ දෙකම සිතිවිලි වීමයි. බුද්ධිමත් වීමට නම් මේ සියලු සිතිවිලි නැවැත්විය යුතුය. වැදගත්ම කරුණ නම් සිතිවිල්ලට එහා ඇති සත්‍යයක් කිසිදා සිතිවිල්ලක් තුළින් තෝරාගත නොහැකි වීමයි.

සිතිවිල්ල නවත්වා චේතෝ විමුක්තියට පත් වූ පසු සිතිවිල්ල නිසා මෙතෙක් වැසී තිබූ ප්‍රඥා ඇස මතු වේ. කිසිම පොතක්, දේශනයක් නොඅසා – නොකියවා මුළු විශ්වය ගැනම දැනගත හැකි සෑමදෙනා තුළම ඇති ඉතා බලවත් ප්‍රඥා ඇස මතුවීම බුද්ධිමත් වීමට අඩිතාලමයි. බුද්ධිමත් වූ පසු ‘මම‘ යන මිත්‍යා අදහස නැති වන නිසා ඉහතින් සඳහන් කළ ආකාරයේ තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතින සියලු ක්‍රියා නැති වී සතුටින් සැනසිල්ලෙන් ජීවත් වන සමාජයක් බිහි වේ. රට සමෘද්ධිමත් වී ස්වයංපෝෂිත වේ. බුද්ධිමතුන් බිහිවීම නිසා රට තුළ නව රැකියා, නව නිෂ්පාදන, නව නිර්මාණ නව සොයාගැනීම් බිහි වේ.

මස් ඇස් ආදී ඉන්ද්‍රියයන් පහ තුළින් තමා තුළ ඇති සයත්‍ය දැක බුද්ධිමත් විය නොහැක .එයට හේතු වන්නේ සෑම අවස්ථාවකදීම එම ඉන්ද්‍රිය පහත් මනසත් මතකයත් එක්වී ‘නැති දෙයක් ඇත‘ යැයි මවා පෙන්වීමයි. සෑම ඉන්ද්‍රියයකින්ම මේ ආකාරයෙන් ලබා ගත හැක්කේ ඉතා දුර්වල දැනුමකි. එයද මයාවකි. ආලෝකයේ අඩු, වැඩි බව අනුව අරමුණෙහි දුර, ළඟ බව අනුව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පෙනෙන ඇසෙන ආකාරය වෙනස් වේ. මනස තුළ සිතිවිල්ලකින් මවා ගන්නා අපාය, දිව්‍යලෝක ආදි යද මේ ආකාරයෙන්ම සිතිවිල්ලක් තුළින් මැවෙන මායාවන්ය. එක් අයෙක් මනස තුළ සිතිවිල්ලකින් මවා ගන්නා අපායට හෝ දිව්‍යලෝකයට තවත් කෙනෙකුට යා නොහැක. තමන් මවාගත් අපායට හෝ දිව්‍යලෝකයට යා හැක්කේ තමාට පමණි. කිසිවෙක් විසින් දිව්‍ය ලෝක හෝ අපාය වැනි මනංකල්පිත – මවාගත් ලෝක දැක නැත. මෙය මනසත් මතකයත් එක් වී කරන මායාවක් බව එවැන්නක් විශ්වාස කරන්නෝ නොදනිති. පොත්වල තිබූ පමණින් හෝ පිළිගත හැකි කෙනෙකු කියූ පමණින් පිළිනොගන්න යයි තථාගතයන් වහන්සේ කාලාම සූත්‍රයේ ‘‘මා පිටක සම්පදා,මා සමනෝ නොගරු‘‘ යැයි කාලාමයන්ට උපදෙස් දී ඇත. පිළිගැනීමෙන් හා විශ්වාස කිරීමෙන් බුද්ධිමත් විය නොහැක. පිළිගන්නේත් විශ්වාස කරන්නේත් මම නැමැති පුද්ගලයා විසින් සිතිවිල්ලක් තුළිනි. බුද්ධිමත් වීමේ එකම මග චේතෝවිමුක්තියයි.

බුද්ධිමත් වීම සඳහා කළ යුත්තේ මේ ශරීරය තුළ මම, තමා, ආත්ම යයි ගත හැකි කිසිවක් ඇත්දැයි තමා තුළින්ම සොයා බැලීමයි. (මෙය ආර්‍යය පර්යේෂණයයි.) එය සිතිවිල්ලකින් කළ නොහැක. නටඹුන් වී වැළලී තිබූ චින්තනයෙන් එහා ඇති එම රමණිය නගරය නැවතත් මතුකොට තමා තුළින් (පච්චත්තං වේදිතබ්බෝ) අත්දැකීමකට හා දැකීමකට පත්ව මහා ජනතාවටත් එයින් ප්‍රයෝජනයක් ලබාගැනීමට වෛද්‍ය ග්‍රාමණි අභය මහතා විසින් අවස්ථාව උදාකර ඇත.

තමා තුළින් අත්දැකීමකට හා දැකීමකට පත්ව බුද්ධිමත් වීමේ තථාගතයන් වහන්සේ විසින් සොයාගත් එම ක්‍රමය, සහස් වර්ෂ දෙකකට පමණ පසු ලැබුණු මෙම අනගි අවස්ථාව නොපමාව ප්‍රයෝජනයට ගෙන තමා තුළින් දැකීමට පත්වීමට අවශ්‍ය කෞශල්‍යත්වය (කුසලතාවය) උපසම්පාදනය කර ගැනීමට (කුසලස්ස උපසම්පදා) ඔබටත් නොපමාව හැකිදැයි බැලීම උචිත ය (අප්පමාදේන සම්පාදේත).

– සිද්ධාර්ථ ජයතිස්ස